Go2Go යනු ශ්‍රී ලංකාවේ පළමු, ඔබ අවට ඇති වෙළඳ සැල් පහසුවෙන් සොයා දෙන ජංගම දුරකතන යෙදුමයි.

මෙහි ඇති සුවිශේෂිතා 

1. ඔබේ දුරකතනයේ location on කර ඇති විට ඔබ අවට ඇති සියළුම වෙළඳසැල් (ඔබ සිටින තැනට ඇති දුර ප්‍රමාණයද සමගින්) ඔබට පෙන්නුම් කරයි.

2. බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක් නම්, නාගරික පෙදෙසක අදාල වෙළඳ සැල පහසුවෙන් හඳුනාගත නොහැකි වීම. go2go මගින් ඒ ගැටළුව ඇති වන්නේ නෑ. ඔබේ දුරකතනයේ කැමරාව තුළින් ඔබට AR (Augmented Reality) තාක්ෂණය හරහා අදාල වෙළඳ සැල තිබෙන ස්ථානය ඉතා නිවැරදිව පෙන්නුම් කරය.

3. ඔබට ඔබගේ Google ගිණුම හරහා ඉතා පහසුවෙන් මෙම App එකට log වීමේ හැකියාව ලබා දී ඇත.. (Form fill කරමින් නව ගිණුම් නිර්මාණ කිරීම අවශ්‍ය නැත)

4. තමා අවට ඇති සියළුම වෙළඳ සැල් සිතියමක් මගින් දර්ශනය කරන අතර ඊට යාමට ඇති කෙටිම මාර්ගයද සිතියම මත ඔබට දැක ගැනීමට හැක. අවශ්‍ය නම් Google maps navigation හරහා ඔබට එම ස්ථානයට යන ආකාරය පිළිබඳ පියවරෙන් පියවරට විස්තර කිරීම ලබා ගැනීමට හැකිය.

5. ඔබ දන්නා වෙළඳසැල් පිළිබඳ විස්තර ඔබටම මෙයට ඇතුලත් කළ හැකිය. (ඔබ ව්‍යාපාරයේ හිමිකරු විය යුතු නැත) පසුව අදාල තොරතුරු වල නිරවද්‍යතාවය සලකා ලබා අප විසින් ඒවාට අනුමැතිය ලබා දීම සිදු කරනු ලබයි.

6. සියළුම වෙළඳසැල් වර්ගීකරණය කර ඇති නිසා ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය කාණ්ඩයේ වෙළඳ සැල් සොයා ගැනීමේ හැකියාව පවති. (උදා : Restaurants, Grocery shops)

7. ඔබ දකින වෙළඳ සැල පිළිබඳ විශ්වාසයක් නැද්ද? go2go මගින් සියළුම වෙළඳ සැල් එහි පරිශීලකයින්ට තරු මත පදනම් වූ අගය (review and rating) කිරීමක් ලබා දීමට හැකි නිසා වෙළඳ සැලට පිවිසීමට පෙර ඒ පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැක.

8. ඕනෑම වෙළඳසැලක පිටත සහ ඇතුලත ඔබ ගන්නා ඡායාරූප ඔබට මෙම app එකට ඇතුලත් කිරීමෙන් අන් අයට සහය වීමට පුළුවන්. 9. යම්කිසි වැරදි තොරතුරක් හෝ අදාල නොවන තොරතුරක් ඇත්නම් ඒවා වාර්තා කිරීමටද මේ තුළ හැකියාව තිබෙනවා.

Date

May, 2019

Google PlayStore

https://play.google.com/store/apps/details?id=com.nebulo.go2go

Share on

We’re mainly IaaS company but we offer complete SaaS Digital Products for your any personal & business requirments through our brands.

Follow Us

Email: [email protected]
Phone: +94 55 31 30 666